ශ්‍රී ලංකා රුපියල් මිලියන 300කට අධික ඉන්දීය ආධාර යටතේ ඉදිකළ මඩකලපුව ශික්ෂණ රෝහලේ නව ශල්‍ය වෛද්‍ය ඒකකය අද (04) විවෘත කර තිබෙනවා.
මෙම ඒකකය මගින් රෝහලේ ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛන 50% කින් අඩු කිරීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සෑම වසරකම නව රෝගීන් 5000කට ආසන්න පිරිසකට ප්රතිලාභ සැලසීමටත්, කලාපයේ ගුණාත්මක සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීමටත් අපේක්ෂා කරන බව වැඩිදුරටත් සඳහන් වෙනවා .