දැනට ලැබී ඇති විදෙස් ගමන් බලපත්‍ර තොගය සඳහා ටෝකන් නිකුත් කිරීම ඉදිරියේදී මාර්ගගත ක්‍රමවේදයකට අනුව සිදුකරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා .
අමාත්‍ය විජිත හේරත් මහතා කඩවත පැවති උත්සවයකින් පසුව මාධ්‍යයට අදහස් පළ කරමින් සඳහන් කර සිටියේ, හදිසි අවශ්‍යතාවයකට හැර නොවැම්බර් මාසය තුළ පාස්පෝට් ගැනීමට නොපැමිණෙන ලෙසයි .
ඇණවුම් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර සීමාසහිතව නිකුත් කෙරෙන බැවින් අත්‍යවශ්‍යම කටයුතු වෙනුවෙන් පමණක් ප්‍රමුඛතාව දී ගමන් බලපත්‍ර ගැනීමට පැමිණෙන්නැයි රජය පසුගිය ඔක්තෝබර් 29 වැනිදා ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා .
අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ දැනට ලැබී ඇති විදෙස් ගමන් බලපත්‍ර තොගය සඳහා ටෝකන් නිකුත් කිරීම ඉදිරියේදී මාර්ගගත ක්‍රමවේදයකට අනුව සිදුකරන බවයි .