ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශයට අයත් බළලුවැව ගොඩසොරොව්ව ඇලේ තිබී මළසිරුර සොයා ගෙන තිබෙනවා .
මෙලෙස මිය ගොස් ඇත්තේ හනිෆාගේ මොහොමදු සදක්කුලෙබ්බේ නමැති 58 හැවිරිදි පලාගල බළලුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මළසිරුර සොයා ගන්නා අවස්ථාවේ එම මළ සිරුර බළලුවැව ගොඩ සොරෙව්ව ඇලේ දියේ ගිලී තිබූ බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ .
මරණ පරීක්ෂකවරයා පොලිසියට ලබා දුන් නියෝගයකට අනුව පශ්චාත් මරණ පරීක්ෂනයක් පැවැත්වීම සඳහා එම මළ සිරුර දඹුල්ල දිස්ත්‍රික් මූලික රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව අදාළ සිරුර සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය අද (04) දඹුල්ල දිස්ත්‍රික් මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතයි.