අපනයන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට වෙළඳ පහසුකම් සැපයීමේ කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා.
එහි පළමු රැස්වීම අපනයන සංවර්ධන මණ්ඩලයේ දී පැවැත්වුණා.
ජාත්‍යන්තර වෙළඳාම සඳහා පහසුකම් සපයන රාජ්‍ය අංශයේ ආයතන 35ක නියෝජිතයින්ගෙන් කාර්ය සාධක බලකාය සමන්විතයි.
කෙටි කාලයක් තුළ අභියෝගවලට විසඳුම් සෙවීමේ අරමුණෙන් ගැටලු හඳුනාගැනීම සහ අපනයනකරුවන් මුහුණදෙන බාධක සඳහා විසඳුම් සෙවීම මෙම බලකායේ ප්‍රධාන අරමුණයි.
මේ තුළින් වෙළඳ ක්‍රියාවලින් විධිමත් කිරීම / අපනයන කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ රටේ ආර්ථික වර්ධනයට සහායදීම සඳහා ආයතන අතර සහයෝගීතාව වර්ධනය කිරීම ඇතුළු තවත් කටයුතු රැසක් වෙනුවෙන් කාර්ය සාධක බලකාය මැදිහත්ව කටයුතු කරනවා.