මෙරට පාසල් සිසුන්ට 2025 වසර සඳහා අවශ්‍ය නිල ඇඳුම් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම චීන රජයෙන් පරිත්‍යාග කිරීමට සූදානම් බව මෙරට චීන තානාපති චී.ෂෙන් හොනග් මහතා පවසනවා .
අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන්ට ලබාදෙන චීන තානාපති ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් කැප්පෙටිපොළ ජාතික පාසලේ දී ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියා .
වසර 2023 දී සියයට 70ක් සහ 2024 වසරේ දී සියයට 80ක් ශ්‍රී ලංකාවේ පාසල්වල සිසු දරු දැරියන් සඳහා පාසල් නිල ඇඳුම් චීන රජය පරිත්‍යාග කළ අතර .
නව වසරේ දී එම ප්‍රමාණය සියයට සියයක් දක්වා වැඩි කිරීමට චීනය තීරණය කර තිබෙන බවයි තානාපතිවරයා ප්‍රකාශ කර සිටින්නේ .
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන 2018 වර්ෂයේ දී ආරම්භ කර මේ වනවිට මෙරට පාසල් 20ක ක්‍රියාත්මක වන අතර අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයට අත්වැලක් වීම සඳහා මේ වැඩසටහන ක්‍රියාත්මක කළ බවයි තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ .