ලොව විශාලතම ආගමික එකමුතුව පැවැත්වීමට ඉන්දියාව සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඉන්දියාව පුරා හා ලෝකයේ මිලියන සංඛ්‍යාත බැතිමතුන් ආකර්ෂණය කර ගනිමින් මෙය පැවැත්වීමට නියමිත බවයි එරට මාධ්‍ය පවසන්නේ.
උත්තර් ප්‍රදේශයක ප්‍රාන්තයේ එය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ලොව විශාලතම ආගමික රැස්වීම මෙය බවටයි සැලකෙන්නේ.
මෙම උත්සවය අධ්‍යාත්මික හා ප්‍රජාව කේන්ද්‍ර කරගත් චාරිත්‍ර වාරිත්‍ර , යාඥාවන් මෙන්ම සංස්කෘතික උත්සව වලින් සමන්විත වනවා.
ආගමික සමගිය සහ භක්තිය ප්‍රවර්ධනය කිරීමේදී මෙම රැස්වීම වැදගත් වනු ඇති.
මේ වනවිටත් බලධාරීන් මෙම එකමුතුවට අවශ්‍ය ආරක්ෂාව, සනීපාරක්ෂාව සහ සැපයුම් ලබා දී ඇති බව ප්‍රධාන බලධාරීන් පවසනවා.