අද (04) පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා ප්රදේශ කිහිපයකට පූර්ව නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කෑගල්ල දිස්ත්රික්කයේ කෑගල්ල, දෙහිඹ්විට, මාවනැල්ල, බුලත්කොහුපිටිය, රත්නපුර දිස්ත්රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, රත්නපුර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ‘අවදානයෙන් සිටින ලෙසයි දැක්වෙන්නේ .
එමෙන්ම බදුල්ල දිස්ත්රික්කයේ වැලිමඩ, හල්දුම්මුල්ල, ගාල්ල දිස්ත්රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්රික්කයේ බුලත්සිංහල, මහනුවර දිස්ත්රික්කයේ උඩපලාත, යටිනුවර, කෑගල්ල දිස්ත්රික්කයේ වරකපොල, යටියන්තොට, කුරුණෑගල දිස්ත්රික්කයේ, පොල්ගහවෙල, මාතර දිස්ත්රික්කයේ කොටපොල, අකුරැස්ස, පස්ගොඩ, රත්නපුර දිස්ත්රික්කයේ නිවිතිගල, අයගම, බලංගොඩ, ඉඹුල්පෙ, ඕපනායක, කිරිඇල්ල, කලවාන, කහවත්ත, ඇලපාත, ගොඩකවෙල, පැල්මඩුල්ල යන ප්රාදේශ ලේකම් කොට්ඨාස සඳහා ‘විමසිලිමත් වන ලෙස නිවේදනයේ නිකුත් කර තිබෙනවා.
ඉහළ ජල පෝෂක ප්රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි තුනක් උසට විවෘත කර තිබෙනවා..
එබැවින් කලා ඔය ආශ්රිත පහත් බිම්වල පදිංචි අය අවධානයෙන් සිටිය යුතු බව රාජාංගන වාරි ඉංජිනේරුවරයා ප්රකාශ කළේ
ඉහළ ජල පෝෂක ප්රදේශවලට සවස් කාලයේ අධික වර්ෂාවක් ලැබුණහොත් රාත්රී කාලයේ දී තවත් වාන් දොරටු විවෘත කිරීමට ඉඩ ඇති බවට ඔහු වැඩිදුරටත් ප්රකාශ කළා