මෙතෙක් බිහිවූ සියලු ආණ්ඩු ජනතාව අමතක කර රට පාලනය කළද තම ආණ්ඩුව ජනතාව සමග සිටිමින් රට පාලනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
කිසිලෙසකින් හෝ දුර්වල කළ නොහැකි ආණ්ඩුවක් ජාතික ජන බලවේගය නිර්මාණය කර ඇති බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.
මේ අතර කිසිම කණ්ඩායමක් ආණ්ඩු බලය ලබාදෙන ලෙස ඉල්ලීම් නොකරන්නේ පරාජය පිළිගැනීම හේතුවෙන් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
රට හදන අපි එකට මාලිමාවට යන තේමාවෙන් මහ මැතිවරණයේ ජාතික ජනබලවේගයේ ජය තහවුරු කෙරෙන ජන රැලි මාලාව සාර්ථකව පැවැත්වෙනවා.
එහි බදුල්ල දිස්ත්රික් ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළා.
මහ මැතිවරණයට ඉදිරිපත් වන ජාතික ජනබලවේගයේ නියෝජිතයින් කිහිප දෙනෙක්ම මෙහිදී අදහස් දැක්වුවා.