පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කළා.
ප්‍රීතිපද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනුයි අද මෙම නියෝගය ලබාදුන්නේ.
මැතිවරණය පැවැත්වෙන දිනය ජනාධිපතිවරයා විසින් මැතිවරණ පනතට අනුකූලව නිවැරදි ලෙස නියමකර ඇති බවත් මේ වනවිට මැතිවරණයට අදාළ කටයුතු බොහෝදුරට අවසන් වී ඇති බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දහනායක මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.
සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන එච් එම් ප්‍රියන්ත හේරත් මහතා විසින් අදාළ පෙත්සම ඉදිරිපත්කර තිබුණා.
එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් නම්කර තිබෙනවා.