හිටපු රාජ්ය ඇමති ඩයනා ගමගේට එරෙහි නඩුවක් ජනවාරි 09 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය තීරණය කළා.
ශ්රී ලාංකික පුරවැසියෙකු නොවන බව දැන දැනත් කූඨ ලේඛණ ඉදිරිපත් කර මෙරට ජාතික හැදුනුම්පතක් ලබාගත් බවටයි ඩයනා ගමගේ මහත්මියට චෝදනා එල්ලවී ඇත්තේ.
නඩුවේ සාක්ෂි විභාගය ජනවාරි 09 වනදා කැඳවීමට නියම කෙරුණා.
එතෙක් නඩු භාණ්ඩ සුරක්ෂිතව රඳවා තබා ගන්නා ලෙස ද නියෝග කෙරුණා.
එසේම එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙසද නියෝග කළා.