ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ රෝහල්වලට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.
මේ අතර ඊශ්‍රායල ප්‍රහාර වලින් ලෙබනනයේ තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකු ද ජිවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය පවසන්නේ.
ඊශ්‍රායල හමුදා උතුරු ගාසා තීරයේ කමල් ඇඩ්වාන් රෝහලටයි ප්‍රහාර එල්ල කර ඇත්තේ.
එම ප්‍රහාර වලින් කුඩා දරුවකුට බරපතළ තුවාල සිදුව තිබෙනවා.
ඊශ්‍රායල ඩ්‍රෝන යානයක් එම ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයකට එල්ල කළ ප්‍රහාරවලින් එහි සිටි පරිපූරක වෛද්‍යවරුන් දෙදෙනෙකු මිය ගියා.
එම සිදුවීමෙන් පසු ලෝක සෞඛ්‍ය සංවිධානය වෛද්‍ය සේවකයින් ආරක්ෂා කරන ලෙස නැවතත් ඊශ්‍රායලයට දැනුම් දී තිබෙනවා.
ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ වනවිට පලස්තීනුවන් 43,341 ක් මියගොස් 102,105දෙනෙකු තුවාල ලබා සිටිනවා .