තීරුබදු නොමැතිව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සහ බීඩිකොළ තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකායයයි වැටලීම සිදුකළේ.
නීති විරෝධී ලෙස ගෙන්වා තිබූ දුම්වැටි තොගයක් සොයා ගැනුණේ හිගුරක්ගොඩ ප්රදේශයේදීයි.
අලෙවි කිරීම සඳහා මෙම දුම්වැටි 2018ක් සැකකරු ළඟ තබාගෙන සිටි බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු හිඟුරක්ගොඩ පොලිසියට භාර දී තිබෙනවා.
මේ අතර තීරුබදු රහිතව නීතිවිරෝධීව ගෙන්වා තිබූ බීඩි කොළ තොගයක් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා.
ඒ මන්නාරම ප්රදේශයේදීයි.
බීඩිකොළ 33kg ක් සහ 850g ත්රීරෝද රථයකින් මෙලෙස ප්රවාහනය කරමින් තිබූ බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.