වර්ෂාවත් සමඟ ඩෙංගු මදුරුවන් බෝවීම වැඩිවී තිබෙනවා.
ඒ අනුව ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් පවතින බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන්. එම සංඛ්‍යාව 18059ක්.
ඉන් දසදහස් හයසිය අනූහය දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් පන්දහස් අනූනවයක් වාර්තා වී තිබෙනවා.
උතුරු පළාතෙන් ඩෙංගු රෝගීන් 4879 දෙනෙකු වාර්තාවී ඇති අතර ඉන් 4171දෙනෙක්ම යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වීම විශේෂත්වයක්.
මීට අමතරව කුරුණෑගල පුත්තලම ගාල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලින්ද ඩෙංගු රෝගීන් වාර්තාවන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.