දකුණු කොරියාවේ පැවති ආසියානු නිරූපන ශිල්පි තරගාවලියේ දී (Asian Model Festival) ආසියාවේ හොඳම නිරූපන ශිල්පිනියට හිමි ෆේස් ඔෆ් ඒෂියා ( Face of Asia ) සම්මානය දිනා ගත් ශ්‍රී ලාංකික නිරූපන ශිල්පිනී ජුලියා සොනාලි කලුආරච්චි කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
ආසියානු නිරූපන ශිල්පි තරගාවලිය ඉකුත් මස (15) දින සිට පසුගිය (02) දින දක්වා දකුණු කොරියාවේ ගෑන්ග් වොන්ග් නුවර, ආසියාවේ රටවල් 27 ක නිරූපන ශිල්පීන් 70 දෙනෙකුගේ සහභාගීත්වයෙන්, එරට සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පැවැත්වුණා.
ජුලියා සොනාලි කලුආරච්චි ඊයේ (03) රාත්‍රී 11.34 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
ඇය පිළිගැනීම සඳහා ඇයගේ පුහුණුකරුවන්, උපදේශකවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.