මිදිගම, ගොවියාපාන ප්රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්.
පසුගිය සැප්තැම්බර් 19 වනදා සිදු වූ එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබුවා.
මෙම ඝාතනයට යතුරු පැදියෙන් පැමිණ පිස්තෝල අවියකින් වෙඩි තැබීම සිදු කළ සැකකරු අපරාධයෙන් පසු එම අවිය සහ පතරොම් 05 ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු සහ අපරාධයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් 05 දෙනෙකු සහ සැකකාරියක් ඊයේ (03) දින වැල්ලවාය, අහංගම හා මිදිගම ප්රදේශ වලදී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මාතර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
වෙඩි තැබීමෙන් පසු අවිය ප්රවාහනය සඳහා යොදා ගත් ත්රිරෝද රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 ත් 42 ත් අතර වයස්වල පසුවන අහංගම, වැලිගම හා වැල්ලවාය ප්රදේශවල පදිංචිකරුවන්.
එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 41 ක් වන අහංගම ප්රදේශයේ පදිංචිකාරියකි.