සරම්ප එන්නත් දීමේ විශේෂ වැඩසටහනක් අද (04) සිට ලබන 9 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කලින් සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිසට අදාළ එන්නත් මාත්‍රා ලබා ගත හැකි වනවා.
සෞඛ්‍ය අංශ පවසන්නේ වාර්තාවන රෝගීන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 20 සිට 30 දක්වා වයසේ පසුවන තරුණ පිරිස වන බවයි.
ඔවුන්ගෙන් රෝගය සම්ප්‍රේෂණයවන බවට හඳුනාගෙන ඇති අතර ඒ හේතුවෙන් කුඩා දරුවන් සහ විශේෂයෙන් මාස 09ට අඩු ළදරුවන් රෝගයට ගොදුරු වන බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
0704565656 යන දුරකතන අංකය ඔස්සේ සරම්ප, රුබෙල්ලා ඇතුලු වසංගත රෝග පිළිබද තොරතුරු දැනගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.