මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා රාජ්‍ය සේවකයින්ට අද (04) දිනයේත් අවස්ථාව හිමිවනවා.
රාජ්‍ය සේවකයින් සහ මැතිවරණ රාජකාරිවල නිරත සේවකයින්ට තැපැල් ඡන්ද සලකුණු කිරීමට පසුගිය 30 වනදා සහ පළමුවනදා අවස්ථාව ලබාදී තිබුණා.
මෙම දිනයන් දෙකෙහි තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලුම රාජ්‍ය සේවකයින්ට අද (04) දිනයේ ඡන්දය ලබාදිය හැකියි.
එමෙන්ම මෙම දින තුනෙහිදීම ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට ඒ සඳහා 7 සහ 8 දිනයන් ලබාදී තිබෙනවා.
එම දිනවල තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඡන්දය භාවිත කළ හැකියි.
මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයේ පත්‍රිකාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පොළොන්නරුව, මොනරාගල සහ කෑගල්ල යන මැතිවරණ කොට්ඨාසවල ඡන්ද පත්‍රිකා එක් තීරුවක පමණක් මුද්‍රණය කර ඇති බව එහි සඳහන්.
අනෙක් මැතිවරණ කොට්ඨාසවල ඡන්ද පත්‍රිකා තීරු දෙකකට මුද්‍රණය කර තිබෙනවා.