බෙදුණු දේශපාලන සංස්කෘතිය වෙනුවට සමගි දේශපාලන සංස්කෘතියක් ගොඩනගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.
ජනාධිපතිවරයාගේ සිට මන්ත්රීවරයා දක්වාම රාජ්ය දේපල භාවිත කිරීමට අදාළ ප්රතිපත්තියක් සකස් කරන බවද ජනාධිපතිවරයා ප්රකාශ කළා.
මේ අතර ජනතාව විසින් පාලකයින් නඩත්තු කරන යුගය අවසන් කරන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් රට පුරා ජන රැළි මාලාවක් සංවිධාන කෙරෙනවා.
එහි නුවරඑළිය දිස්ත්රික් ජන රැළිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා.
ඒ රට හදන අපි එකට මාලිමාවට යන තේමාවෙන්.
ජාතික ජන බලවේගය නියෝජනය කරමින් නියෝජිතයින් කිහිප දෙනෙකු ජන රැලිය ඇමතුවා.