ආගමික ස්ථානවල ආරක්ෂක සහ ඉදිකිරීම් කටයුතු සඳහා යොමුකර සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඉවත් කිරීමක් කිසිසේත් සිදුකර නැති බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරනවා.
විහාරස්ථානවලට යොමුකර සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ සිවිල් ආරක්ෂක සාමාජිකයින් ඉවත්කර ඇති බවට සමාජ මාධ්‍යයේ සහ පුවත්පතක පළවූ පුවත වැරදි වාර්තාකරණයක් බවයි අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.