කැනඩාවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඉන්දියාව කැනඩා මහ කොමසාරිස් කාර්යාල නියෝජිතයින් කැඳවා තිබෙනවා.
ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාහ් සික් ජාතික නායකයෙකු ඝාතනයට සම්බන්ධ බවට කැනඩාවේ නියෝජ්‍ය අමාත්‍ය ඩේවිඩ් මොරිසන් පසුගියදා ප්‍රකාශ කළා.
එය පදනම් විරහිත හා අසත්‍ය ප්‍රකාශයක් බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඊයේ දිනයේ දී කැනඩා මහ කොමසාරිස් කාර්යාල නියෝජිතයින් කැඳවා ඒ සම්බන්ධයෙන් වන රාජ්‍ය තාන්ත්‍රික ලියකියවිලි භාරදීමට ද පියවර ගෙන තිබෙනවා.
කැනඩාවේ දී සික් ජාතික නායකයෙකු ජීවිතක්ෂයට පත්වීමට ඉන්දීය රජය සම්බන්ධ බවට කැනඩා අග්‍රාමාත්‍යවරයා ඇතුළු දේශපාලන නායකයින් සිදුකරන ප්‍රකාශයන් හුදෙක් දේශපාලන අරමුණු ඉෂ්ඨකර ගැනිමට සිදුකරන ඒවා බවට ද ඉන්දියාව චෝදනා කරනවා.
වසරකට අධික කාලයක් තිස්සේ දෙරට අතර හටගෙන ඇති මෙම මතභේදාත්මක ගැටුම් මේ වනවිට ඉහළ ගොස් ඇති ආකාරයයි දක්නට ලැබෙන්නේ.