අස්වැසුම සමාජ සුබසාධන ප්රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අසාධාරණයට ලක්වූ පුද්ගලයන් පිළිබඳ සොයා බැලීමට දස දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.
දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් කළ කරුණු විමසීම්වලදී පැවති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අමාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ.
සමෘද්ධි ලාභීන් ලෙස ප්රතිලාභ ලැබූ එහෙත් අස්වැසුම ප්රතිලාභ අහිමිවූ පුද්ගලයන් පිළිබඳ මෙම කමිටුව මගින් සොයා බැලීමට නියමිතයි.
මෙම කමිටු වාර්තාව මාසයක් ඇතුළත ලබා දෙන ලෙස එම කමිටුව වෙත දැනුම් දුන් බව සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න මහතා පවසනවා.