2007 වසරෙන් පසු පළමුවරට හොංකොං සික්සස් ශූරතාව දිනා ගැනීමට ශ්රී ලංකාව අද (02) සමත් වුණා.
ඒ අද (03) පැවති අවසන් මහා තරගයේදී පාකිස්තාන කණ්ඩායමට කඩුලු 3ක පරාජයක් අත්කර දෙමින්.
අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තානයට ලබාදුන්නා.
ඒ අනුව පිටියට පිවිසි පාකිස්තානු ක්රීඩකයින් පන්දුවාර 5යි පන්දු දෙකක් තුළ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 72ක් පමණයි.
මොහොමඩ් අක්ලාක් පන්දු 20කදී ලකුණු 48ක් රැස්කළා.
පන්දු යැවීමේදී ධනංජය ලක්ෂාන් ලකුණු 6කට කඩුලු 2ක් දවාගත් අතර තරිදු රත්නායක ලකුණු 25කට කඩුලු 2ක් බිදහෙළුවා.
පිළිතුරු ඉණිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 5ක් අවසානයේ දී කඩුලු 3ක් පමණක් දැවී ජයග්රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුණා.
සදුන් වීරක්කොඩි පන්දු 13කදී ලකුණු 34ක් රැස්කළේ ශ්රී ලංකා ඉණිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින්.
ඊට හයේපහර 4ක් සහ එක් හතරේ පහරක් ඇතුළත්.
තරගයේ වීරයා ලෙස ධනංජය ලක්ෂාන් සම්මානය දිනාගත් අතර තරගාවලියේ වීරයා සම්මානය හිමිවූයේ තරිදු රත්නායකටයි.