රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විශේෂඥ වෛද්‍ය උපදෙස් මත කොළඹ ජාතික රෝහලට මාරුකර තිබෙනවා.
ඊයේ (02) රාත්‍රියේ ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා ප්‍රකාශ කළේ.
විදේශයකින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වා එකලස් කළ සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනා ලොහාන් රත්වත්තේ මහතාට එල්ලවුණා.
ඒ අනුව අත්අඩංගුවට ගත් ඔහු නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද සොයා බලා ප්‍රතිකාර සිදුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා කළ නිර්දේශවලට අනුව ලොහාන් රත්වත්තේ මහතා ඊයේ (02) දිනයේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණා.