ගාසා තීරයේ පෝලියෝ එන්නත්කරණය යළි ආරම්භ කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.
ගාසා තීරයේ පෝලියෝ එන්නත් ලබා දෙන මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් ඊයේ දිනයේදී ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ලකළා.
එම ප්‍රහාරයෙන් කුඩා දරුවන් 4 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලැබූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ.
ප්‍රහාරය එල්ලවීමෙන් අනතුරුව පෝලියෝ එන්නත්කරණය තාවකාලිකව අත්හිටුවීමට එම සංවිධානය පියවර ගත්තා.
කෙසේ වුවද මේ වන විට පෝලියෝ එනනත් ලබා දීම යළි ආරම්භ කර ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
කෙසේ වුවද ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් එන්නත්කරණය සඳහා ගාසා තීරයේ ඇතැම් ප්‍රදේශයන්ට ලගාවීමට හැකියාවක් නොමැති බවද එම සංවිධානය සඳහන් කරනවා.
පසුගිය සැප්තැම්බර් මාසයේදී වයස අවුරුදු 10 දක්වා දරුවන්ට පෝලියෝ එන්නත් ලබාදීම ආරම්භ කෙරුණු අතර ඒ යටතේ පන්ලක්ෂ හැට දහසකට අධික දරුවන් පිරිසකට එන්නත ලබා දුන් බවයි යුනිසෙෆ් සංවිධානය නිවේදනය කරන්නේ.