අසාර්ථක දේශපාලනඥයින් පරාජය කිරීමට මෙවර මැතිවරණයේ දී ජනතාව කටයුතු කරනු ඇති බව හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
කඩුවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
මේ අතර විපක්ෂයේ භූමිකාව අසාර්ථක වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ද ප්‍රකාශ කළා.