මාලිමාව ලැබූ ජයග්‍රහණයේ ප්‍රතිඵල මේ වන විටත් දේශපාලන භූමිය තුළ දැකගත හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.
ගම්පහ දිස්ත්‍රික් කාන්තා නියෝජිත සමුළුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ඒ රට හදන අපි එකට මාලිමාවට යන තේමාවෙන්.
පාර්ලිමේන්තුවට තේරී පත්වන කිසිවෙකුට ඉදිරියේදී වරප්‍රසාද හිමිනොවන බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළේ.