දිවුලපිටිය හපුවලාන විහාරස්ථානයට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් විහාරස්ථානයේ තිබූ මුදල් සොරකම් කර පළාගොස් තිබෙනවා.
මෙම සැකකරුවන් දෙදෙනා විහාරස්ථානයේ වැඩ සිටි විහාරාධිපති හිමියන් රෙදි පටි උපයෝගී කරගනිමින් ගැට ගසා මෙම මුදල් සොරකම් කර ඇතැයි බවයි පොලීසිය ප්රකාශ කළේ.
සොරකම් කර ඇති මුදල ලක්ෂ පහකට ආසන්න බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධව දිවුලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.