ජනාධිපතිවරණය පැවැත්වෙන නොවැම්බර් 5 වනදා ඇමෙරිකාවේ නිදහස් දිනය බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසනවා.
ඩිමොක්රටික් පාලනය පරදා නැවත රිපබ්ලිකන් පාලනයක් ඇමෙරිකාව තුළ ස්ථාපිත කිරීම හරහා ඇමෙරිකාව නොවැම්බර් 5 වනදා යළි නිදහස ලබන බවයි රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සඳහන් කරන්නේ.
උතුරු කැරොලිනා ප්රාන්තයේ මැතිවරණ ප්රචාරන රැළියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මේ අතර ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක උප ජනාධිපති කමලා හැරිස් ද ප්රාන්ත කීපයක අවසන් මැතිවරණ ප්රචාරක රැළි සඳහා සහභාගි වූ බවයි බීබීසී පුවත් සේවය සදහන් කරන්නේ.
මේ වනවිටත් මිලියන 70ට අධික පිරිසක් මෙවර මැතිවරණය වෙනුවෙන් තම ඡන්දය ප්රකාශ කර ඇති අතර මීට පෙර මැතිවරණයන් හා සැසදීමේ දී එය ඉතා ඉහළ අගයක් වනවා.
මැතිවරණය පැවැත්වීමට තවත් ඉතිරිව ඇත්තේ දින 3ක් පමණයි.