සරම්ප එන්නත් දීමේ විශේෂ වැඩසටහන හෙට සිට 9 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.ෙ
වසංගත රෝග තත්ත්වය සඳහා ක්ෂණිය ප්‍රතිචාර දැක්වීමේ ඒකකය සරම්ප, රුබෙල්ලා ප්‍රතිශක්තීකරණ සතිය වෙනුවෙන් පෙරවරු 7 සිට පස්වරු 6 දක්වා එය විවෘතව පවතිනවා.
0704565656 යන දුරකතන අංකය ඔස්සේ සරම්ප, රුබෙල්ලා ඇතුලු වසංගත රෝග පිළිබද තොරතුරු දැනගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
දිවයින පුරා තෝරාගත් දිස්ත්‍රික්ක 12ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් වුවද පසුගිය වසරෙන් පසු ඇතැම් ප්‍රදේශවලින් සරම්ප රෝගීන් වාර්තා වී තිබුණා.
ලෝකයේ වැඩියෙන්ම පැතිර යා හැකි වෛරසය මෙය බවයි වසංග රෝග විද්‍යායතනයේ ප්‍රධාන වසංග රෝග විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා සඳහන් කළේ.
ඒ සාර්ස් හා කොවිඩ් වෛරසයට වඩා වේගයෙන් පැතිරීමේ අවධානමක් ඇති බව පෙන්වා දෙමින්.
එක් පුද්ගලයෙකුගෙන් පුද්ගලයින් 10ත් , 18ත් අතර පිරිසකට මෙම වෛරසය පැතිර යාමේ හැකියාව පවතිනවා.
මාස 9 කදී බිළිඳුන්ට සරම්ප එන්නත ලබාදෙන අතර ඊට පෙර කාලයේ දී එම බිළිදුන්ට සරම්ප රෝගය වැළදීමේ දැඩි අවධානමක් පවතිනවා.
කලින් සරම්ප එන්නත් ලබානොගත් සහ එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිස් ද අවධානම් තත්ත්වයේ පසුවන අය ලෙසයි සඳහන් වන්නේ.
එන්නත් ලබාදීම ලබන 9 වනදා සිදුවනවා.
එදිනට පැමිණීමට නොහැකි වන පිරිස් වෙත ඉදිරි සෙනසුරාදා 4 කදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා එන්නත් ලබාදීමට කටයුතු සම්පාදනය කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.