මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරිමේ විශේෂ දිනයක් ලෙස අද දිනය නම් කර තිබෙනවා.
අද උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා ගෙයින් ගෙට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හරිනු ලබන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අද දිනයේ ලිපි බෙදීමේ කාර්යාල 2090 ක් විවෘතව තැබෙන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ.
ලිපි බෙදීම සඳහා කාර්ය මණ්ඩලයේ 8000ක් අනියුක්ත කර ඇති බව සඳහන්.
නිල ඡන්ද දැන්වීමේ පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම ලබන 07 වැනිදා දක්වා සිදු කෙරෙයි.