හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලට යොමු කිරීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිර්දේශ මත පසුගිය 31 වැනි දින සිට නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කළ බව බන්ධනාගාර කොමසාරිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.
ඒ අනුව හිටපු අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් බන්ධනාගාර රෝහලෙන් කැඳවූ අතර එහිදී ස්වන අපහසුතාවයන් මත බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර කළ යුතු බව දන්වා ඇති බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ.