පාසල් දරුවන්ට පාසල් පොත් මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
කාර්යක්ෂම ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
රට හදන මාලිමාවේ අපි එකට ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් මහනුවර මහයියාව වේවැල්පිටිය ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම රැලිය පැවැත් වුණේ.
මහමැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කයෙන් තරගවදින ජාතික ජනබලවේගයේ අපේක්ෂක කණ්ඩායමේ ජයතහවුරු කිරීමේ ජන රැලියට විශාල පිරිසක් එක්ව සිටියා.