හොංකොං ඉන්ටර්නැෂනල් සික්සර්ස් ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම අද (02) සමත් වුණා.
ඒ නේපාල කණ්ඩායම ලකුණු 40 කින් පරාජය කරමින්.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 06 තුළ කඩුලු 02ක් දැවී ලකුණු 123ක් ලබා ගත්තා.
ලකුණු 124ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නේපාල කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 18කට දවා ගැනීමට ශ්රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා.
ඒ අනුව නේපාල කණ්ඩායමට පන්දුවාර 3යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 83ක් පමණයි.
තරගාවලියේ ඩී කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින්නේ ශ්රි ලංකා කණ්ඩායමයි.