වැලිමඩ සිල්මියාපුර අල් මුර්ෂිද් විද්‍යාලයට පර්චස් 58ක ඉඩමක් පරිත්‍යාග කිරීම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රදානත්වයෙන් සිදුවුණා.
රුපියල් එක්කෝටි දහසයලක්ෂ පනස්දහසක මුදලක් වැය කරමින් ගම්වාසීන් විසින් මෙම ඉඩම මිලදී ගෙන රජයට භාරදීම සිදුවුණේ එම විද්‍යාලයේදීයි.
දරුවන් 600ක් පමණ ඉගෙනුම ලබන මෙම විද්‍යාලයට නිසි පරිදි ඉඩ පහසුකම් නොමැති කමින් දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්ව තිබුණා.
ගම්වාසීන් විසින් සංවිධානයක් පිහිටුවා විද්‍යාලයට යාබදව තිබු මෙම ඉඩම් කොටස මිලදී ගෙන පාසලට භාරදීමටයි කටයුතු කර තිබුණේ.
මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා.