කෘෂිකර්මාන්තයට නවීන තාක්ෂණ යොදා ගැනීම පිළිබද ගොවීන් දැනුවත් කිරීමේ ප්‍රායෝගික වැඩසටහනක් පන්නල මාකදුර ප්‍රදේශයේ දී පැවැත්වුණා.
වෙල්පල්ල කෘෂිකර්ම ගොවිජන සේවා කාර්යාලය, නාපොකුණ මාකදුර ගොවි සංවිධාන එකමුතුව සහ පෞද්ගලික අංශයේ සහාය ඇතිවයි මෙය සංවිධාන කර තිබුණේ.
මාකදුරේ පිහිටි විශාල කුඹුරු යායක මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණා.
වී වගාවට ඩ්‍රෝන යානා උපයෝගී කර ගනිමින් තෙල් පොහොර ඉසීම පිළිබදව දැනුවත් කිරීම සිදුකළා.
කෘෂිකර්මාන්තයේ දී නවීන තාක්ෂණය භාවිතයෙන් ඉතිරි වන මිනිස් ශ්‍රමය ඵලදායී ලෙස යොදා ගන්නා අයුරු පිළිබඳව දඹදෙණිය සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා චමිතා සුබසිංහ මහත්මිය ගොවීන් දැනුවත් කළා.
මෙම අවස්ථාවට ගොවීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා.