දකුණු කොරියාව හා ඇමරිකාව පළමු වරට සජීවී ප්‍රහාර ඇතුළත් යුද අභ්‍යාසයක නිරත වනවා.
මෙම අභ්‍යාසය ආරම්භ වුනේ ඊයේ දිනයේදියි.
ඩ්‍රෝන යානා මෙන්ම ප්‍රහාරක නියමුවන් රහිත යානා යොදා ගනිමින් මෙය පැවැත්වෙනවා.
ඉදිරි යුද්ධයකදී දකුණු කොරියා සහ ඇමරිකා සූදානම ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් මෙය පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
උතුරු කොරියාව පසුගියදා දිගු දුර මිසයිලයක් අත් හදා බැලූ අතර මෙය ඊට ප්‍රතිචාරයක් වනු ඇති බව යුද විශ්ලේෂකයන් පවසනවා.