නීතිවීරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී ඉකුත් 31වනදා අත්අඩංගුවට ගත් මොහු මිරිහාන පොලිසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් හමුවට ඉදිරිපත් කර මේ මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.