ව්‍යාජ මත්පැන් ජාවාරමේ නිරත වූ බව කියන කාන්තාවක් ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පසුගිය දා ගිරිඋල්ල මරදගොල්ල අභිනවත්ත ප්‍රදේශයේ රහසිගත ලෙස රජයේ මත් වතුරවලට සමාන අයුරින් සකසන ලද ව්‍යාජ මත්වතුර බෙදා හරින මධ්‍යස්ථානයක් වැටලීමට ගිරිඋල්ල පොලිසිය සමත්වුණා.
මෙසේ අත්අඩංගුවට ගැනුනේ දඹදෙණිය වලපලමඅල්ල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක්.
මෙම ස්ථානයේ ව්‍යාජ ලෙස සකසන ලද මත්වතුර තොග වශයෙන් විවිධ ප්‍රදේශවලට බෙදාහැරීමට කටයුතු කර තිබුණා.
සැකකාරිය සමග සියලු නඩු භාණ්ඩ නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් අනතුරුව ලබන 6 වනදා දක්වා සැකකාරිය රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් දුලංජිකා ජයසිංහ මහත්මිය නියෝග කළා.