යුරෝපයේ ශීත සෘතුව ආරම්භවීමත් සමග පෝලන්තයේ සහ ස්විස්ටර්ලන්තයේ සිට සංචාරකයන් මෙරටට පැමිණියා.
පෝලන්තයේ ප්‍රධාන නගර තුනක සිට එට සංචාරකයන් රැගත් ගුවන් යානා තුනක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අතර ඒ අතරින් වර්සෝ නුවර සිට පැමිණි එන්ටර් ගුවන් සේවයේ මංගල ගුවන් ගමන මෙය වනවා.
එහි ගුවන් මගීන් 187 දෙනෙකු සහ කාර්ය මණ්ඩල නිලධාරීන් 07 දෙනෙකු පැමිණයා.
මෙම එන්ටර් ගුවන් සේවයේ ගුවන් යානා ඊයේ සිට සෑම දින 10 කට වරක් පෝලන්තයේ වර්සෝ ,කැතොවිසා සහ පොස්නන් යන නගර වල සිට එක්දිනකට තුන බැගින් 2025 මාර්තු 31 මස අවසානය තෙක් මෙරටට පැමිණීමට නියමිතයි.
ස්විස්ටර්ලන්තයේ සුරීච් නුවර සිට ද සංචාරකයන් 251 දෙනෙකු රැගෙන ඊඩ්ල්වයිස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.
සුරිච් නුවර සිට සෘජු ගුවන් ගමනක යෙදෙමින් සතියේ සෑම සිකුරාදා දිනකම කටුනායක ගුවන්තොටුපොළ වෙත මෙම යානය පැමිණීමට නියමිතයි.
මේ අතර ජාත්‍යන්තර සංචාරක බ්ලොක්කරුවන්ගේ සහ සමාජ මාධ්‍යකරුවන් 30 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.
ඒ එක්සත් රාජධානිය, ජර්මනිය ,ඉතාලිය,ප්‍රංශය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඇතුළු රටවල්වලින්.
මෙරට පළාත් 09 යේම සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශවල සැරිසරමින් මෙරට සුන්දරත්වය ආකර්ෂනීයත්වය සහ සුවිශේෂත්වය සජීවීව තම ලක්ෂ 70 කට නොඅඩු බ්ලොක් රසිකයන් සමග බෙදා ගැනීමට ඔවුන් සූදානමින් සිටින බවයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කළේ.
ශීත සෘතුවේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සංචාරය කළ යුතුම ගමනාන්තයක් යන අදහස ලෝක සංචාරක ලෝලීන් අතර ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි.