කෑගල්ල නගරාසන්න ගොඩනැගිල්ලක කේරළ ගංජා අලෙවි කළ පුද්ගලයෙකු කෑගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා එම ගොඩනැගිල්ලේ වැසිකිලියේ මළාපවහන නළයේ ගංජා පැකට් සඟවා දිගු කලක් ජාවාරමේ යෙදී ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිට වැටලීම් කරන අවස්ථාවන්වලදී මොහොතේ එම ගොඩනැගිල්ලේ ඉහළ මහලේ වැසිකිලිය තුළට ගංජා පැකට් දමා ජලය මුදාහැරීමට කටයුතු කර තිබෙනවා.
නැවත මළාපවහන නළයේ පහළ ස්ථානයක මළ අපද්‍රව්‍ය සමග රැඳී ඇති පොලිතින්වල ඔතන ලද ගංජා පැකට් නැවත රැගෙන විකිණීම සිදුකරන බවයි විමර්ශනවලිදී හෙලිව ඇත්තේ.
එසේ මළාපවහන නළයට දැමූ පැකට්වල අසුරන ලද ගංජා පැකට් තොගයක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.
සැකකරු අද දින කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.