ලබන මාසයේ සිට විදේශ ගමන්බලපත්‍ර නිකුත් කිරීම වේගවත් කිරීමට හැකිවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
මේ වන විට විදේශ ගමන්බලත්ර නිකුත් කිරීම සඳහා විධිමත් ඔන්ලයින් ක්‍රමවේදයක් සකස් කරමින් ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එම ක්‍රමවේදය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද එහි සඳහන්.
විදේශ ගමන්බලපත්‍ර මිලදී ගැනීම සඳහා ටෙන්ඩරය පිරිනමනු ලැබූ විදෙස් ආයතන සමග ඇති කරගෙන තිබූ ගිවිසුම අනුව පී. කාණ්ඩය යටතේ හිස් ගමන්බලපත්‍ර පනස් දහසක් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබෙනවා.
එම සංඛ්‍යාවට අමතරව මෙම මස අගදී තවත් ලක්ෂයක පමණ හිස් ගමන්බලපත්‍ර ප්‍රමාණයක් ද ,ලබන මස තවත් එක්ලක්ෂ පනස් දහසක පමන හිස් ගමන්බලපත්‍ර ප්‍රමාණයක් ද වන ලෙස හත්ලක්ෂ පනස් දහසක හිස් විදෙස් ගමන්බලපත්‍ර තොගයක් සිය දෙපාර්තමේන්තුව වෙත ඉදිරියේදී ලැබීමට නියමිත බවයි නිවේදනය මගින් පෙන්වා දෙන්නේ.