ස්පාඤ්ඤ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 200 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම මරණ සියල්ලම පාහේ වැලෙන්සියා ප්‍රදේශයේ සිදුව තිබීම විශේෂත්වයක්.
එම ප්‍රදේශයේ පයිපෝර්ටා නගරයෙන් මරණ 62 ක් වාර්තා වනවා.
රියදුරන් තම මෝටර් රථ තුළ සිරවීම, නිලධාරීන්ගේ දුර්වල සැලසුම් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් අධික වර්ෂාපතනය උග්රවීම ඇතුළු විවිධ හේතු මත මෙම මරණ ප්‍රමාණය ඉහළ යන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.
මියගිය අයගෙන් බොහෝ පිරිසක් මාර්ගවල ගමන් ගන්නා අතරතුර ගසා ගෙන යාමෙන් ජීවිතක්ෂයට පත්වුවන්.
ගංවතුරට ගසා ගෙන ගිය මෝටර් රථ ද තවමත් එලෙසම පවතින ආකාරය දැකගත හැකියි.
වැඩිහිටි නිවාසයක බිම් මහලේ රැඳී සිටි වැඩිහිටියන් හය දෙනෙකු ද ගංවතුරට හසුව ගසා ගෙන යාමෙන් මිය ගොස් තිබෙනවා.