සර්බියාවේ දුම්රිය ස්ථානයේ වහළක් කඩා වැටීමෙන් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
උතුරු සර්බියාවේ දුම්රිය ස්ථානයක කොන්ක්රීට් වහළක් කඩා වැටීමෙන් මෙලෙස පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් වූසික් පවසනවා.
මියගිය අය අතර වයස අවුරුදු හයක කුඩා දැරියක ද වනවා.
එරට වේලාවෙන් දහවල්11:00ට පමණ මෙය කඩාවැටුණා.
එම අවස්ථාවේ ඊට යටින් පිරිසක් වාඩි වී සිටියා.
කෙසේ වෙතත් මිය ගිය අයගෙන් පස් දෙනෙකු තවමත් හඳුනාගෙන නැහැ.
මෙම දුම්රිය ස්ථාන ගොඩනැගිල්ල 2021 වසරේදී ප්රතිසංස්කරණය කරන ලද එකක්.