රත්නපුර ශික්ෂණ රෝහලේ රුපියල් ලක්ෂ තිස්එකක උපකරණ පරිත්‍යාගයක් ප්‍රදේශයේ ධානපතියෙකු විසින් සිදුකර තිබෙනවා.
ශල්‍යකර්ම සිදුකරන රෝගීන් සහ බරපතළ තත්ත්වයේ පසුවන රෝගීන්ගේ පහසුව සඳහායි මෙම විශේෂ ඇදන් පරිත්‍යාගය සිදුකර ඇත්තේ.
ශල්‍යාගාර සඳහා භාවිතා කරන ඇදන් 16ක් ඊට අයත්.
එම ඇදන් තොගය නිල වශයෙන් භාරදීම පසුගියදා රත්නපුර රෝහල් පරිශ්‍රයේ දී සිදුකෙරුණා.
රජයට ලබාදෙන සහයෝගයක් ලෙස මෙම පරිත්‍යාග සිදුකළේ රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු විසිනි.
රෝහලේ ආරක්ෂක අංශයේ ප්‍රයෝජනය සඳහා ලී වලින් තැනූ කවුන්ටරයක් රෝහල් කමිටුවේ සාමාජිකයන්ගේ ධන පරිත්‍යාගයෙන් සිදුකෙරුණා.
එහි වටිනාකම රුපියල් ලක්ෂයක්.