භූමිය පරීක්ෂා කළ හැකි අධිබලැති ස්ක්රෑන් යන්ත්රයක් සහ තවත් උපකරණ රැසක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.
මහනුවර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කළේ පල්ලේකැලේ කොලොන්ගහවත්ත ප්රදේශයේදීයි.
අධි බැලැති ස්ක්රෑන් යන්ත්රයක් මෙටල්ඩිටෙක්ටර් යන්ත්ර දෙකක් සහ ලැප්ටොප් පරිගනකයක් සොයා ගැනුනා.
සැකකරු 36 හැවිරිදි මහනුවර ප්රදේශයේ පදිංචිකරුවෙක්.
වැඩිදුර විමර්ෂණ සඳහා ඔහු පල්ලේකැලේ පොලිස් ස්ථානයට භාරදී තිබෙනවා.