හැටන් නුවරඑලිය ප්රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ සමර්සෙට් වත්ත ප්රදේශයේදි සිදු අනතුරකින් 20 දෙනෙකු තුවාල ලබා එක් අයෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව නානුඔය පොලිසිය පවසනවා.
කල්මුණේ සයින්දමර්දු සිට නුවරඑලිය දක්වා සංචාරයක් සඳහා පිරිසක් රැගෙන ධාවනය කල වෑන් රථයක් සහ ප්රතිවිරුද්ධ දිශාවෙන් නුවරඑලිය සිට හැටන් දක්වා ධාවනය වු ලොරි රථයක් මුහුණට මුහුණලා ගැgටීමෙනුයි ඊයේ රාත්රි 8 ට පමණ මෙම අනතුර සිදු වි තිබෙන්නේ.
අධික බැවුමක් සහිත එම ප්රදේශයේදි ධාවනය වු ලොරි රථයේ තිරිංග හදිසියේ ක්රියා විරහිත විම නිසා නුවරඑලිය දෙසට ධාවනය වු වෑන් රථයේ ගැටී මෙම අනතුර සිදු වි තිබෙනවා.
වෑන් රථයේ ගමන් ගත් කාන්තාවක් නුවරඑලිය දිස්ත්රික් රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත් වි ඇති බවත්, වෑන් රථය අනතුරට පත්වන අවස්තාවේ එහි 18 දෙනෙකු ගමන් කර ඇති බවත්, ලොරි රථයේ රියදුරු සහ රිය සහයකයාද අනතුරෙන් තුවාල ලබා ඇති බව නානුඔය පොලිසිය ප්රකාශ කළා.
අනතුරෙන් ලොරි රථයට සහ වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා.