මහනුවර දිගන වික්ටෝරියා පාර්ක් නිවාස සංකීර්ණය අසල නවතා දමා ගොස් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා .
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුවයි අදාළ මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇත්තේ.
මෙම සුඛෝපභෝගී මෝටර් රථයේ ලියාපදිංචි අංකයට තවත් මෝටර් රථයක් මහනුවර වත්තේගම ප්‍රදේශයේ ද ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා .
මෝටර් රථය මෙම ස්ථානයට ගෙනවිත් දමා ගොස් ඇත්තේ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පසුගියදා මිය ගිය පුද්ගලික ලේකම්වරයා විසින් බවයි දැනට සිදු කරන විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.