හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩුකර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා.
ඒ අනුව නිළධාරීන් 184 දෙනෙකු තවදුරටත් ආරක්ෂාව සලසන බවයි ඒ මහතා සඳහන් කළේ.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පල වන වාර්තා අසත්‍ය බව ප්‍රකාශ කරනවා.
ඒ පිළිබඳ ව ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇති බවත් 1986 අංක 04 දරණ ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව ජනාධිපති කාර්යාලය පහත ප්‍රතිලාබ ලබා දෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ අනුව විශ්‍රමික ජනාධිපතිවරයෙකුට හිමිවන විශ්‍රාම වැටුප හා කොළඹ 07 විජයරාම මාවතේ නිළ නිවස හා ලේකම් දීමනා ඔහුට හිමි වනවා.
දැනට වාහන 03 ක් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කර තිබෙනවා.
2008 වර්ෂයේ නිෂ්පාදිත මර්සඩීස් බෙන්ස් වර්ගයේ කාර් රථයක් , 2017 වර්ෂයේ නිෂ්පාදිත ටොයොටා ලෑන්ඩ් කූෂර් ජීප් රථයක් ,මර්සඩීස් බෙන්ස් වර්ගයේ 2013 වර්ෂයේ නිෂ්පාදිත ජීප් රථයත් ඊට අයත්.
ඒ සඳහා මාසිකව ඉන්ධන ලීටර් 1950 ක් ලබා දෙන අතර රියදුරන් තුන් දෙනෙකු ද නිදහස් කොට තිබෙනවා.