ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පන්ඩරවේලි මුහුදු ප්‍රදේශයේ අද දින ( 01) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකර අල්ලන ලද මුහුදු කූඩැල්ලන් දෙසීය විසි හතක පමණ තොගයක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා .
ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන බවයි වාර්තා වන්නේ .
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 22ත් 50ත් අතර පසුවන සිලාවතුර, අරිප්පු සහ නානාට්ටාන් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබෙනවා .
එම සැකකරුවන් හය දෙනා, මුහුදු කූඩැල්ලන් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා .