කාන්තා නිදහස තවදුරටත් සීමා කරමින් තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ගේ අයිතීන් සීමා කරමින් නව නීති පනවා තිබෙනවා.
තලෙයිබාන් නව නීති අනුව ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට තවත් කාන්තාවකට ශ්‍රවණය වන ආකාරයෙන් තම හඩ උස්කමින් කතා කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ.
ඒ අනුව ප්‍රසිද්ධ ස්ථානයන් හිදී කාන්තාවන්ගේ කඩහඩ තවත් කාන්තාවකට ශ්‍රවණය නොවිය යුතු බවයි තලෙයිබාන් සංවිධානය පවසන්නේ.
එමෙන්ම ඇෆ්ගන් කාන්තාවන්ට තවත් කාන්තාවක් ඉදිරියේ තම ආගම කියවීම හා යාඥා කියවීම ද නව නීති අනුව තහනම් වනවා.
කාන්තාවන්ගේ කටහඩ අවුරා ලෙස සලකනු ලබන අතර එයින් අදහස් වන්නේ එම හඩ ආවරණය කළ යුතු හා අනෙකුත් කාන්තාවන්ට පවා ප්‍රසිද්ධියේ ශ්‍රවණය කිරීමට නොහැකි බවයි.
මීට පෙර ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට පිරිමි පුද්ගලයෙකුට ශ්‍රවණය වන ආකාරයෙන් කතා කිරීමට නොහැකි බවට නීති පැනවුවා.
මේ අතර ඇෆ්ගනිස්ථාන සෞඛ්‍ය සේවකයින්ට පිරිමි රෝගියෙකුට ප්‍රතිකාර කිරීම තහනම් කරමින් නව නීති පනවා තිබෙනවා.